Home උණුසුම් පුවත් මත්තලට ගුවන් සමාගම් 21කින් මෙහෙයුම් – තවත් 3ක් අරඹන්න සූදානම්

මත්තලට ගුවන් සමාගම් 21කින් මෙහෙයුම් – තවත් 3ක් අරඹන්න සූදානම්

මත්තලට ගුවන් සමාගම් 21කින් මෙහෙයුම් – තවත් 3ක් අරඹන්න සූදානම්

ශ්‍රී ලංකාව, ලොව සීඝ්‍රයෙන් දියුණුවන ගුවන් සේවා ක්ෂේත්‍රයට එක්වීමට සූදානම් බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දැනටමත් ගුවන් සමාගම් 21 ක් සමග මෙහෙයුම් සිදුකරයි.

තවත් සමාගම් 3 ක් මත්තල වෙත ගුවන් ගමන් ඇරඹීමට කැමැත්ත පළකර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ලොව විශාලතම ගුවන් යානා සමාගමක් වන බෝයිං සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වූ නිරුපද්‍රතා කළමනාකරණය පිළිබද පාඨමාලාව අවසන් කළ සිසුන් සදහා සහතිකපත් පිරිනැමීමේ උත්සවයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ කොවිඩ් වසංගතය හමුවේ ගුවන් මෙහෙයුම් අඩාල වුවද මත්තල ගුවන් තොටුපොළ කාර්යක්ෂම ගුවන් තොටුපොළක් බවට මේ වනවිට පත්ව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here