තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බාධා - වාර්තා මැද වනිඳු ඉන්දීය රුපියල් කෝටි 10.75කට විකිණෙයි

    බාධා – වාර්තා මැද වනිඳු ඉන්දීය රුපියල් කෝටි 10.75කට විකිණෙයි

    2022 ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) වෙන්දේසියේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75 කට අලෙවි වී තිබේ.

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ පන්ජාබ් කිංග්ස් යන කණ්ඩායම් දෙකම වනිඳු හසරංග වෙනුවෙන් ලංසු තැබීමේ සටනක යෙදී සිටියදී හදිසි තත්වයක් හේතුවෙන් ලංසුව අතරමග නතර විය.

    ඒ වෙන්දේසිකරු වන හ්‍යු ඇඩ්මීඩස් හදිසියේ අසනීප වී ඇදවැටීම නිසයි.

    කෙසේවෙතත් නැවතත් ලංසු තැබීම ආරම්භ වූ පසු රෝයල් චැලෙන්ජර්ස් ලෝකයේ අංක 1 T20 දඟ පන්දු යවන්නා තෝරා ගත්තේය.

    IPL 2022 මෙගා වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 10 ඉක්මවූ පළමු විදේශීය ක්‍රීඩකයා බවට වනිඳු හසරංග පත්ව ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img