Home උණුසුම් පුවත් හොර ID පෙන්නා යන්ත්‍රෝපකරණ කුලියට ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

හොර ID පෙන්නා යන්ත්‍රෝපකරණ කුලියට ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

0
හොර ID පෙන්නා යන්ත්‍රෝපකරණ කුලියට ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

ව්‍යාජ ජාතික හැදුණුම්පත් සහ වෙනත් පුද්ගලයින්ගේ ජාතික හැදුණුම්පත් භාවිතා කරමින් ඉදිකිරීම් උපකරණ හා යන්ත්‍රෝපකරණ කුලියට ලබාදෙන ස්ථාන වලින් භාණ්ඩ ලබාගෙන අලෙවි කිරීමේ ඡාවාරමක් අනාවරණයකර ගනිමින් ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලීසිය සමත්ව ඇත.

මෙසේ ඔවුන් විසින් කුළියට ලබාගෙන අලෙවිකර තිබුණු පස් තලන යන්ත්‍ර 10ක්, කම්පෙෂර් යන්ත්‍ර 05 ක්, වතුර මෝටර් 02ක්, තණකොල කපන යන්ත්‍ර 02ක්, වෙල්ඩින් ප්ලාන්ට් 01ක්, බේකර් යන්ත්‍ර 03ක් සහ පොටි අනන යන්ත්‍ර01ක් සොයා ගැනීමටද පොලීසියට හැකිවී තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා අවුරුදු 45 ත් 38 ත් වයස්වල පසුවන දොඩංගොඩ සහ මොරගහහේනේ පදිංචිකරුවන්ය.

යන්ත්‍රෝපකරන කුළියට ලබාදෙන අතුරුගිරියේ ස්ථානයකින් මෙම පුද්ගලයින් දෙදෙනා ව්‍යාජ හැදුණුම්පතක් ඉදිරිපත්කර ලබාගත් උපකරණයක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කළ විමර්ශනයේදී මෙම ඡාවාරම ගැන තොරතුරු හෙළිවී තිබේ.

අතුරුගිරිය පොලීසිය සඳහන් කරනුයේ මීගොඩ, හෝමාගම, හංවැල්ල, කොස්ගම, කැස්බෑව, කහතුඩුව, නවගමුව, බණ්ඩාරගම, මත්තේගොඩ සහ කෝට්ටේ යන පොලිස් වසම්වල පිහිටි යන්ත්‍රෝපකරණ කුළියට ලබාදෙන ස්ථානවලින් මෙම භාණ්ඩ වංචා සහගතලෙස ලබාගෙන ඇති බව හෙළිවී තිබෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here