තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්LPL තරග පාවාදෙන්න මැණික් මුදලාලියෙක්ගේ පුතෙක් ක්‍රීඩකයාට රු.කෝටියක් දෙන්න හදලා

    LPL තරග පාවාදෙන්න මැණික් මුදලාලියෙක්ගේ පුතෙක් ක්‍රීඩකයාට රු.කෝටියක් දෙන්න හදලා

    මෙවර පැවැත්වූ (2021) එල්.පී.එල්. තරගාවලියේ තරග පාවා දීමකට මැණික් ව්‍යාපාරිකයෙකුගේ පුතෙක් විසින් ක්‍රීඩකයෙක් බිලි බා ගැනීමට කළ උත්සහයක් සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් පවත්වා ඉදිරි කටයුතු උපදෙස් පතමින් ගොනුව නීතිපති වෙත යොමුකර ඇත.

    මෙම තරග පාවාදීමට බිලි බා ගැනීමට සූදානම් වී ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තරුණ ක්‍රීඩකයෙකුවය. බේරුවල පදිංචි මෙම මැණික් ව්‍යාපාරික පුත්‍රයා රුපියල් කෝටියක් තරග පාවාදීම වෙනුවෙන් ක්‍රීඩකයාට ලබාදීමට කැමැත්ත පලකර ඇත.

    හිට් විකට්ටුවක් ලෙස දැවී යාමක් සනිටුහන් කිරීම වෙනුවෙන් මෙම මුදල ලබාදීමට යෝජනා වී ඇති අතර දුරකතනයෙන් මෙන්ම ක්‍රීඩකයා මුණගැසී එම මුදල ලබාදීමට ඔහු උත්සහ දරා ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයා විසින් තරගාවලිය පැවැත්වෙමින් තිබියදී ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇති අතර ඒ අනුව මෙම විමර්ශනය සිදුව ඇත.

    මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයටද දැනුම් දීමක් කර ඇති අතර ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධි විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක්ද මෙරටට පැමිණ විමර්ශනයක් පවත්වා තිබේ.

    2020 වසරේ පැවැති එල්.පී.එල්. තරගාවලියේදීද තරග පාවාදීමක් සම්බ්නදයෙන් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් පැවැත්විය. නීතිපතිවරයා වෙත ඒ සම්බන්ධයෙන් ගොනුව යොමුකර ඇත. නීතිපතිවරයාගෙන් ලැබෙන උපදෙස්වලට අනුව ඉදිරි විමර්ශන පැවැත්වීමට එම ඒකකයේ නිලධාරීන් සූදානමින් සිටී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img