Home දේශීය පුවත් ආයෝජන ආරවුල් විසදීමට මහාධිකරණයක්

ආයෝජන ආරවුල් විසදීමට මහාධිකරණයක්

0

ආයෝජන ආරවුල් විභාග කිරීමට වෙනම මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ. ඒ සඳහා අවශ්‍ය විධිවිධාන ඇතුලත් පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඊයේ කළ යෝජනාවට අනුමැතිය හිමිව ඇත.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

ශ්‍රී ලංකාව තුළ ආයෝජනයට හිතකර වන නෛතික පරිසරයක් ඇති කිරීම සඳහා සිදු කළ යුතු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ අමාත්‍යාංශයේ විශේෂ ඒකකය යටතේ පත් කර ඇති වාණිජ නීති ප්‍රතිසංස්කරණ අනුකමිටුව වෙත අධිකරණ ඇමතිතුමා විසින් උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, එකී කමිටුව විසින් රුපියල් මිලියන 100ක් හෝ ඊට වැඩි මූලික ආයෝජන අතුරින් පැනනැ‍ඟෙන, රුපියල් මිලියන 50ක මූල්‍ය සීමාවේ පවතින "ආරවුල්" පිළිබඳ නඩු විභාග කොට තීරණය කිරීමේ අධිකරණ බලය සහිත ආයෝජන ආරවුල් මහාධිකරණයක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත.

ඒ සඳහා විධිවිධාන ඇතුළත් කරමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here