තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රේගුවේ සිරවූ ආහාර බහලුම් වහාම නිදහස් කරන්න ජනපති නියෝග

    රේගුවේ සිරවූ ආහාර බහලුම් වහාම නිදහස් කරන්න ජනපති නියෝග

    රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    එළැඹෙන උත්සව සමයේ දී ජනතාවට හිඟයකින් තොරව ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා දැන් සිටම සැලසුම් සකස් කරන ලෙස නිලධාරින්ට දැනුම් දුන්නේය.

    ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.

    ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළෙහි හිඟයකින් තොරව පවත්වාගෙන යාම ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරයා මෙම තීරණයට එළැඹිණි.

    රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීම පිළිබඳ අද (07) දහවල් ජනාධිපති කාර්යාලයේ දී මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇත.

    තෝරාගත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට අවස්ථාව ලබා දෙන ලෙසත් එහිදී කුඨ අරමුණු සහිතව ප්‍රමාණය ඉක්මවා භාණ්ඩ ආනයනය කිරීමට සහ තොග සැගවීමට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කරන ලෙස දැනුම් දුන් ජනාධිපතිවරයා මේ පිළිබඳ නියාමනය සහ අධීක්ෂණය නව කමිටුවට පැවරීය.

    අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ හා රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img