තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති - අගමැති - ආණ්ඩුවේ මන්ත්‍රීවරු අද රැස්වෙති

    ජනපති – අගමැති – ආණ්ඩුවේ මන්ත්‍රීවරු අද රැස්වෙති

    ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    එළඹෙන සතියේ පාර්ලිමේන්තු වැඩසටහන සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳ මෙම හමුවේ දී මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු විය.

    විදුලි බල ගැටලුව නිරාකරණය කිරීම, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීම මෙන් ම අපනයන ආර්ථිකය වර්ධනය කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා විය. පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අනාගතයේ වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ ය.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, රටේ අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ පිළිබඳ මෙහි දී විශේෂ පැහැදිලි කිරීමක් කළේ ය.

    සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු, සභා නායක ලේකම් හර්ෂ විජේවර්ධන, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර, අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img