Home උණුසුම් පුවත් පස් කණ්ඩියක් කඩා වැටී තිදෙනෙක් යටවී මරුට

පස් කණ්ඩියක් කඩා වැටී තිදෙනෙක් යටවී මරුට

0
පස් කණ්ඩියක් කඩා වැටී තිදෙනෙක් යටවී මරුට

වත්තේගම උරුණෑපාන, මඩිගේ ගම්මානයේ දී පස් කණ්ඩියක් කඩා වැටී තිදෙනෙක් අද දහවල් ඊට යටවී මියගොස් තිබේ.

එම අනතුර සිදුවී ඇත්තේ නිවසක් යාබදව අත්තිවාරමක් කපමින් සිටියදීය.

නිවසට යාබදව ඇති පස් කණ්ඩිිය කඩා නොවැටෙන ලෙස කොන්ක්‍රිට් යොදා ආරක්ෂක බැම්මක් පවා යොදා මෙම අත්තිවාරම කපා ඇතත් එකවරම එම කොන්ක්‍රීට් ආරක්ෂකයත් කඩාගෙන පස් කණ්ඩිය බිමට පාත්වීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි වත්තේගම පොලීසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී පස් වලට යටවී සිටි දෙදෙනෙක් කඩිනමින් බේරාගෙන රෝහල්කරා රැගෙන ගොස් ඇති අතර දෙදෙනෙක් බේරා ගැනීමට තරමක වේලාවක් ගතවී ඇති බව පොලීසිය කියයි.

ඔවුන් දෙදෙනාවත් රෝහල්කරා රැගෙන ගිය බවත් ඔවුන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බවත් පොලීසිය කියයි.

අයෙක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here