Home COVID ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ උප ප්‍රභේද 4ක් පැතිරෙයි – WHO

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ උප ප්‍රභේද 4ක් පැතිරෙයි – WHO

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ උප ප්‍රභේද 4ක් පැතිරෙයි – WHO

කොවිඩ් ඔමික්‍රෝන ප්‍රභේදයේ උප ප්‍රභේද හතරක් ඇති බවත් ඒවා නිරීක්ෂණය කරමින් සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ කොවිඩ් වෛරසයට එරෙහි ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට ඉක්මන් වැඩි බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ග්‍රෙබ්‍රීයේසස් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ Omicron ප්‍රභේදවල BA.1.1, BA.2 සහ BA.3 උප ප්‍රභේදවල වෙනස්කම් නරඹමින් සිටින බවය.

“මෙම වෛරසය භයානක වන අතර එය අපගේ ඇස් ඉදිරිපිටම පරිණාමය වෙමින් පවතී ” ටෙඩ්‍රොස් පැවසීය.

“WHO විසින් දැනට BA.2 ඇතුළුව ඔමික්‍රොන් ප්‍රභේදයේ උප පෙළපත් හතරක් නිරීක්ෂණය කරයි. අපි තවමත් වෛරසය ගැන සෑම දෙයක්ම දන්නේ නැහැ. අපි තවමත් එහි ප්‍රභේද සහ අනාගත ගමන් පථය ගැන සියල්ල දන්නෙ නෑ” WHO COVID-19 තාක්ෂණික නායක මාරියා වැන් කර්කොව් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here