තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලොවක පැතුමන් ගෙන අඩි 104න් ගොඩ ආ රයන් ලොවම හඬවා...

    ලොවක පැතුමන් ගෙන අඩි 104න් ගොඩ ආ රයන් ලොවම හඬවා ගිහින්

    Update: මොරොක්කෝවේ ගැඹුරු ළිඳකට වැටුණු  රයන් සිය ගණනක් විසින් දින 4ක් තිස්සේ කළ මෙහෙයුමකින්  මුදා ගැනීමෙන් මිනිත්තු කිහිපයකට පසු ලොවක් හඬවා මියගියේය.

    මොරොක්කෝවේ ගැඹුරු ළිඳකට වැටුණු පස් හැවිරිදි පිරිමි දරුවකු වන රයන් මුදා ගැනීමට මෙහෙයුමේ නිරත පිරිස සමත් වූ බව එරට වාර්තා පෙන්වා දෙයි.

    ඒ අනුව පසුගිය අඟහරුවාදා දිනයේ මීටර් 32 (අඩි 104) ක් පහළට ඇද වැටුණු රයන් මුදා ගැනීමට දිවා රෑ නොබලා ක්‍රියාත්මක වූ අඛණ්ඩ මෙහෙයුම සාර්ථකව නිමාවට පත්වී තිබේ.

    මෙම සංකීර්ණ මෙහෙයුම දැක බලා ගැනීමට දහස් ගණනක් ජනතාව එහි රැස්ව සිටියහ.

    මොරොක්කෝවේ සිවිල් ආරක්ෂණ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන, Chefchaouen නගරයේ සිට 100km (62 සැතපුම්) පමණ දුරින් පිහිටි Tamorot නම් කුඩා උතුරු නගරයේ දී මෙම අනතුරුව සිදුව තිබිණි.

    දරුවා බේරා ගැනීමට ක්‍රියාත්මක මෙහෙයුම ලොව පුරා අවධානයට ලක් වූ අතර, මිලියන ගණනක් ජනතාව පුංචි රයන්ව බේරා දෙන්නැයි සිය හදවතේ ප්‍රාර්ථනා එක් කළහ.

    මෙසේ මුදාගත් රයන් මේ වනවිට හදිසි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර තිබේ.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img