තවත්
    මුල් පිටුවCOVIDබූස්ටර් නොගත් අයට පොදු ස්ථානවලට යන්න බැරි වෙයි

    බූස්ටර් නොගත් අයට පොදු ස්ථානවලට යන්න බැරි වෙයි

    2022 අප්‍රේල් 30 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම එන්නත් නොකළ අයට පොදු ස්ථාන වෙත ප්‍රවේශය ලබා නොදීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනත යටතේ එය නිකුත් කර ඇත.

    පූර්ණ එන්නත්කරණයක් කර තිබෙන බව ඔප්පු කිරීමට සාධක නොමැතිව තැනැත්තකු යම් පොදු ස්ථානයකට ඇතුළු නොවිය යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

    “පූර්ණ එන්නත්කරණය” යන්නෙන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිශ්චිතව දක්වා ඇති පරිදි අදාළ එන්නත්කරණයේ අවශ්‍ය මාත්‍රාවන් අදාළ තැනැත්තා විසින් ලබාගෙන ඇති බව අදහස් වේ.

    එනම් පළමු දෙවන හා තුන්වැනි මාත්‍රාවක් ලබාගෙන තිබීම “පූර්ණ එන්නත්කරණය” යන්නෙන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිශ්චිතව දක්වා ඇත.

    “පොදු ස්ථානය” යන්නෙන් අයිතියක් ලෙස හෝ අන්‍යාකාරයෙන්, ගෙවීමක් සිදු කර හෝ ගෙවීමක් සිදු නොකර ආරාධනයක් මත හෝ ආරාධනයක් නොමැතිව ජනතාවට ප්‍රවේශය සහිත, යම් ස්ථානයක් හෝ පොදු ප්‍රවාහනයේ දී භාවිත කරනු ලබන ප්‍රවාහන ක්‍රමයක් අදහස් වේ.

    2264-09-S
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img