Home උණුසුම් පුවත් ප්‍රථම වතාවට චීනයේදී රොබෝලා දිය යටින් ඔලිම්පික් ගිනිසිළුව ගෙනයයි

ප්‍රථම වතාවට චීනයේදී රොබෝලා දිය යටින් ඔලිම්පික් ගිනිසිළුව ගෙනයයි

ප්‍රථම වතාවට චීනයේදී රොබෝලා දිය යටින් ඔලිම්පික් ගිනිසිළුව ගෙනයයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශීත ඔලිම්පික් තරගාවලියේ සමාරම්භය සනිටුහන් කිරීමේ ඔලිම්පික් ගිනිසිළුව රෙබෝවරු දෙදෙනෙක් විසින් දිය යටදී දල්වා හුවමාරු කරගෙන තිබේ.

චීනයේ බීජිං නුවර ආරම්භ වුණු ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උළෙලේදී පන්දම් දරන්නා ගිනි සිළුව රොබෝවරයෙකුට භාරදුන් අතර පසුව එම රොබෝවරයා යොංඩිං ගං පතුලේදී තවත් රෙබෝවරයෙකු සතුව තිබූ ඔලිම්පික් ගිනි සිළුව දැල්වීය.

දියයට මෙසේ ගිනි සිළුව දල්වා තැබීම වෙනුවෙන් විශේෂ දුම් රහිත පරිසර හිතකාමී වායුමය ඉන්ධනයක් භාවිත කිරීමට චීන රජය කටයුතු කර තිබුණි.

දැල්ල දිය යට නොනවත්වා දල්වා තැබීමට උෂ්ණත්වය හා පීඩන වෙනස පවත්වාගැනීම වැනි අභියෝග ජය ගැනීමට මෙහි නිර්මාණකරුවා සමත්වී තිබීම සුවිශේෂී වෙයි.

කොරෝනා වයිරස් ව්‍යාප්තිය සමග පවතින බාධක මධ්‍යයයේ වුවද ලොවක් බලා සිටි ශීත සෘතු ඔලිම්පික් ක්‍රිඩා තරගාවලිය චීනයේ බීජිං නුවර දී අද ආරම්භ විය.

ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සදහා ලොව නන්දෙසින් තරගකරුවන් බීජිං නුවරට මේ වන විට පැමිණ සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here