තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPවාර්තා තබමින් හබල් ඔරුවෙන් ලෝ වටා යන කාලිස් ලංකාවටත් ඇවිත්

    වාර්තා තබමින් හබල් ඔරුවෙන් ලෝ වටා යන කාලිස් ලංකාවටත් ඇවිත්

    ලෝක ප්‍රසිද්ධ ලැට්වියානු ජාතික කාලිස් නම් තරුණ වාර්තා තබන්නා අද ලංකාවට පැමිණියා.

    ඒ මහ සාගරය ඔස්සේ ඔරුවක් හබල් ගාමින් ලොව වටා ගමන් කිරීමේ වාර්තාව අතරතුරයි.

    ශ්‍රී ලංකා මුහුදු තීරයට සේන්දු වූ ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය මැද ගාල්ල වරායට සේන්දු වූවා.

    එහිදී ඔහු ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර එම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකාරක රුවන් නානායක්කාර මහතාද සම්බන්ධ වී සිටියා.

    දින හතරක් ශ්‍රී ලංකාවේ ගත කරන ඔහු නැවතත් එම වාර්ථාගත සංචාරයේ මීළඟ පියවර ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img