Home උණුසුම් පුවත් “සතියකට විදුලියට තෙල් දෙන්නම්” – ඇමති ගම්මන්පිළ

“සතියකට විදුලියට තෙල් දෙන්නම්” – ඇමති ගම්මන්පිළ

“සතියකට විදුලියට තෙල් දෙන්නම්” – ඇමති ගම්මන්පිළ

විදුලි ජනනයට අවශ්‍ය සතියකට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලය වෙත අඛණ්ඩව ලබාදෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා සහතික වී තිබේ.

අමාත්‍යවරයා ඒ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි සඳහන් ය.

නොරොච්චෝලේ බලාගාරයේ යළි අක්‍රිය වීමෙන් යථා තත්ත්වයට පත් කරන ලද ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් 150ක ධාරිතාවක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇතැයි වාර්තා වේ.

නොරොච්චෝලේ, සපුගස්කන්ද සහ කැළණිතිස්ස මෙන්ම කොළඹ පිහිටි බලාගාරයක් ද ඉන්ධන අර්බුදය හේතුවෙන් වරින්වර අක්‍රීය වීමේ තත්ත්වයකට පවතින බව පැවසේ.

මේ හේතුවෙන් ඊයේ (01) පස්වරුවේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විදුලිබල මණ්ඩලය විසින් ජනතාවට නොදන්වා විදුලි කප්පාදුවක් ද සිදු කෙරුණි.

ඊයේ දිනය පුරා දෙවරක් එම විදුලි කප්පාදුව සිදුවූ බවට දිව‍යිනේ ප්‍රදේශ රැසකින් වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here