Home special පමුණුගම මුහුදේ කිඹුල් බියට අස්වැසිල්ලක්

පමුණුගම මුහුදේ කිඹුල් බියට අස්වැසිල්ලක්

0
පමුණුගම මුහුදේ කිඹුල් බියට අස්වැසිල්ලක්

ගල්කිස්සේ සිට ගාළු මුවදොර දක්වා වෙරළ තීරය පසුගිය සති කිහිපය තුළ අනාරකෂිතව තිබුණේ එහි සැරිසරන ගැට කිඹුලන් කිහිප දෙනෙක් නිසාය.

දෙහිවලදී එක් කිඹුලෙක් කිමිදුම්කරුවෙක්ට පහරදීම හේතුවෙන් එම කිමිදුම්කරු මිය යාමත් සමඟ වෙරළේ සැරිසරන ගැට කිඹුලන් නිසා ජනතාවගේ ජීවිත වලට ඇතිවන්නේ දැඩි අවධානමකි. එම කිඹුලන් අවසානයේදී දකින්නට ලැබෙන්නේ පෝට් සිටිය තුලය. ඒ නිසාම කිඹුලන් අල්ලන්නට උගුල් ඇටවීමක්ද කර තිබුණත් එම උගුල්වලට මේ දක්වාම කිසිදු කිඹුලෙක් කොටුවූයේ නැත.

කිඹුල් භීතිය පමුණුගම දෙසට දිව යන්නේ මේ අතරය. ඒ ඉකුත් දින කිහිපයේ දැවැන්ත ගැට කිඹුලෙක් පමණුගම වෙරළ ආශ්‍රිතව සැරිසැරීම නිසාය.

පමුණුගම වෙරලේ සිය දහස් ගණනක් දිය නෑමට පැමිණෙන වෙරළක් මෙන්ම ධීවර කාර්මික රැකියාවේ නිරතව සිටින ජනතාවක් ජීවත්වන ප්‍රදේශයකි. ඒ නිසා ධීවර ජනතාවට මෙම කිඹුලාගෙන් එල්ලවුණු බලපෑම සුළු පටු නොවීය. වනජීවී නිලධාරීන්ව දැනුවත් කළද ඊට නිසි ප්‍රතිචාර නොවීය.

මේ තත්ත්වය මත ප්‍රදේශයේ ධිවර ජනතාව මෙම කිඹුලා ගැන දැඩි අවධානයෙන් සිට ඊයේ රාත්‍රියේ කිඹුලා අල්ලාගත්තේය. අඩි 10 ක් පමණ දිගැති එම කිඹුලාව බැද වනජීවී නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු වනජීවී නිලධාරීන් පැමිණ අද අලුයම කිඹුලාව රැගෙන ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here