තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංවිමේ විදුලි කප්පාදු ඉල්ලීම කොමිසමෙන් දෙවැනි වරටත් ප්‍රතික්ෂේප වෙයි

    ලංවිමේ විදුලි කප්පාදු ඉල්ලීම කොමිසමෙන් දෙවැනි වරටත් ප්‍රතික්ෂේප වෙයි

    විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දෙවන වරටත් අද ප්‍රතික්ෂේප කළේය.

    ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉකුත් ජනවාරි මස 25 වැනි දින සිට පෙබරවාරි මස 4 වැනි දින දක්වා කාලය තුළ රට පුරා විටින් විට විදුලි කප්පාදුවකට අවසර ලබා දෙන්නැයි ලංවිම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබිණ.

    ඉකුත් 24 වැනි දින මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ විදුලිය කප්පාදුවකට අවසර දෙන්නේ නැදද යන්න සම්බන්ධයෙන් ජනවාරී මස 31 වැනි දින සලකා බලන බවයි.

    ප්‍රමාණවත් තරම් ඉන්ධන බලාගාරවලට ලැබී තිබෙන හෙයින් ලබන සිකුරාදා (04) දක්වා විදුලිය කප්පාදු කිරීමට අවසර නොදෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img