අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේදී විදුලි කප්පාදුවක් සිදුනොකරන්නැයි තමා අදාළ අංශවලින් ඉල්ලීමක් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව පෙබරවාරි මස 07 දින සිට මාර්තු මස 5 වැනි දින දක්වා උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේදී විදුලිය විසන්ධි වීමක් සිදු නොවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
තවද උසස් පෙළ විභාගය පැවැත්වීමෙන් පසුව ප්‍රතිඵල නිකුත් කිරීමේ කාලය අඩකින් අඩුකරන බව ද මීට අමතරව විශ්වවිද්‍යාලවලට ඇතුලත් ඇතුළත් කර ගැනීමට කලින් වසරවලට ගිය කාලය අඩකින් අඩු කර ගන්නා බව ද බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ඒ අනුව සිසුන්ට අපතේ යන වසරක පමණ කාලයක් ඉතිරි කර ගත හැකි වනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
මෙහෙම විනයක් නැති අයද පාලකයො විදියට පත්කර යවන්නෙ
Good decision