තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පිටරට සල්ලි රටින් පැන්නීමේ ඡාවාරමක් අල්ල යි

    පිටරට සල්ලි රටින් පැන්නීමේ ඡාවාරමක් අල්ල යි

    සිය ගමන් මලු තුළ සූක්ෂමව සඟවා ඩුබායි වෙත රුපියල් මිලියන 25 කට අධික වටිනාකමක් ඇති විදේශීය මුදල් තොගයක් රැගෙන යාමට උත්සහ දැරීමේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයට කොටුවූ පිරිස මෙයට පෙරද මේ ආකාරයට මුදල් පිටකිරීමේ ජාවාරමට සම්බන්ධ වූවෝ බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

    මෙම ඡාවාරම සම්බන්ධයෙන් කාලයක් තිස්සේ රේගු නිලධාරීන් ඇස ගසාගෙන සිට වැටලීම ඊයේ දියත්කර ඇත. එහිදී එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ.කේ. 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට ගුවන් තොටුපොලට පැමිණ සිටි සැකයට ලක්වූ පුද්ගලයින් 05 දෙනාගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී මෙම මුදල් තොගය හමුවී ඇත.

    ඇමරිකානු ඩොලර් 95000 ක් යුරෝ 18000 ක් සහ සෞදි රියාල් 37000 ක් ඒ අතර තිබී ඇතැයි රේගුව සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img