Home COVID මෙරට කොවිඩ් මඬින එන්නත් මෙහෙයුමට වසරක් සපිරෙයි (Live)

මෙරට කොවිඩ් මඬින එන්නත් මෙහෙයුමට වසරක් සපිරෙයි (Live)

මෙරට කොවිඩ් මඬින එන්නත් මෙහෙයුමට වසරක් සපිරෙයි (Live)

ගෝලීය වසංගතයට ගොදුරු වූ ශ්‍රී ලංකාව ඉන් මුදාගැනීම වෙනුවෙන් මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණය අරඹා අද(29) දිනට වසරක් සම්පූර්ණ කිරීමේ සැමරුම් උත්සවයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වේ.

කොවිඩ් එන්නත්කරන වර්ෂපුර්ණ ජාතික වැඩසටහන “එක්සත්ව – එක්සිත්ව – සවිමත්ව” තේමාවෙන් වසංගතයට අභියෝග කළ මිනිසත් බවට පිදෙන උත්තමචාරයක් ලෙස පැවැත්වේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන අයගේ ප්‍රධානත්වයෙන් හිටපු සෞඛ්‍ය ඇමතිනී, වත්මන් ප්‍රවාහන කටයුතු ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ආදි මැති ඇමතිවරුන් සහ සෞඛ්‍ය අංශයේ ප්‍රධානීන්, වෛද්‍යවරුන් හෙද හෙදියන් නියෝජනය කරමින් සියලු ආගමික නායකයන්ගේ ආශිර්වාද ලබමින් මේ වනවිට මෙම සැමරුම චාම් උත්සවයක් ලෙස මේ වනවිට පැවැත්වේ.

එන්නත්කරණයට වසරක් සපිරීම නිමිත්තෙන් දිවයින පුරා ප්‍රාදේශීය මට්ටමෙන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මට්ටමෙන් සැමරුම් අද දින පැවැත්වේ.

ගෙවුණු වසරක කාලය තුළ,

මුළු එන්නත් මාත්‍රා:   35,634,497
සිනොෆාම්:            23,029,353
ෆයිසර්:                  7,798,598
ඇස්ට්‍රාසෙනෙකා:        2,899,460
මොඩර්නා:               1,592,162
ස්පුට්නික්:                   314,924

එන්නත්කරණයට වසරක් සපිරීමේ ජාතික වැඩසටහන සජීවීව පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here