තවත්
    මුල් පිටුවCOVIDබූස්ටර් දෙන්න ගෙන්වූ ෆයිසර්‌ කල් ඉකුත් වීමේ අවදානමක්

    බූස්ටර් දෙන්න ගෙන්වූ ෆයිසර්‌ කල් ඉකුත් වීමේ අවදානමක්

    රජය විසින් දැවැන්ත මුදලක් වැය කොට තුන්වැනි මාත්‍රාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ෆයිසර් එන්නත් තොගය මෙම වසරේ ජූලි මාසයට පෙර ලබා ගැනීමට ජනතාව උනන්දු නොවන්නේ නම්, කල් ඉකුත් වීමේ අවදානමක් පවතින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා තිබේ.

    එක්සත් ජනපද-ජර්මානු නිෂ්පාදනයක් වන Pfizer-BioNTech Covid-19 එන්නතෙහි බූස්ටර් තුන්වන මාත්‍රාව වෙනුවෙන් මෙලෙස ආනයනය කර ඇත.

    ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දැනට රට තුළ පවතින Pfizer-BioNTech එන්නත් මාත්‍රාව 2022 ජූලි මාසයේ සිට කල් ඉකුත් වීමට නියමිත බවයි.

    “බූස්ටරයේ තුන්වන මාත්‍රාව ලෙස ලබා දීමට ආනයනය කරන ලද Pfizer-BioNTech එන්නත් මාත්‍රාව 2022 ජූලි මාසයේ සිට කල් ඉකුත් වීමට නියමිතයි. එබැවින් ඊට පෙර බූස්ටර තුන්වන මාත්‍රාව ජනතාව ලබා ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එසේ නොවුවහොත් එන්නත් කල් ඉකුත් වීමේ අවදානමක් පවතිනවා.” මහාචාර්ය ජයසුමන මහතා පැවසීය.

    බූස්ටර තෙවැනි මාත්‍රාව ලෙස ලබාදීම සඳහා Pfizer-BioNTech එන්නත් මාත්‍රාව මිලියන 14ක් පමණ ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත.

    ඉන් මිලියන පහකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ජනතාවට ලබා දී ඇති බවත් ඔහු පැවසීය.

    තවත් Pfizer-BioNTech මාත්‍රා මිලියන 11 කට ආසන්න ප්‍රමාණයක් රට තුළ ඇති බව ඔහු පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img