Home COVID ඔමික්‍රෝන්වලත් නව උප-ප්‍රභේදයක් හමුවෙයි

ඔමික්‍රෝන්වලත් නව උප-ප්‍රභේදයක් හමුවෙයි

ඔමික්‍රෝන්වලත් නව උප-ප්‍රභේදයක් හමුවෙයි

කොවිඩ්-19 වෛරසයේ නවතම ප්‍රභේදය වන ඔමික්‍රෝන් නව උප ප්‍රභේදයක් හමුවී තිබේ.

ආසාදිතයින් 426ක් එංගලන්තයෙන් හමුවී ඇත.

නව ප්‍රභේදය BA.2 නම් වේ.

මෙම නව ඔමික්‍රෝන් උප ප්‍රභේදය ‘විමර්ශනයට ලක්ව ඇති ප්‍රභේදයක්’ ලෙස සළකා පරර්යේෂණ කරන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසයි.

නව උප ප්‍රභේදය වැඩිම තහවුරු වූ රෝගීන් සංඛ්‍යාවක් ඇති ප්‍රදේශ වන්නේ ලන්ඩනයේ 146ක් ලෙස සහ අග්නිදිග ප්‍රදේශයේ 97ක් වශයෙනි.

නව උප ප්‍රභේදය ඔමික්‍රොන්වලට වඩා දරුණු බවට මෙතෙක් අනතුරු ඇඟවීමක් නොමැත.

ඩෙන්මාර්කයේ මූලික අධ්‍යයනයන් පවසන්නේ මෙමගින් රෝහල්ගත වීමේ වැඩි අවදානමක් නොපෙන්වන බවයි.

කෙසේවෙතත් ප්‍රභේදය වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි බවට යම් සාක්ෂි තිබේ.

මුල් Omicron වික්‍රියා BA.1 හා සසඳන විට මුල් විශ්ලේෂණයන් වැඩි වර්ධන වේගයක් ඇතැයි පෙනී යන බව ද ඔවුහු සෙයාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here