තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිගේ පාර්ලිමේන්තු කතාව ගැන විවාදයට අගමැතිගෙන් තවත් දවසක්

    ජනපතිගේ පාර්ලිමේන්තු කතාව ගැන විවාදයට අගමැතිගෙන් තවත් දවසක්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදය ජනවාරි 19 සහ 20 දෙදිනට අමතරව ලබන 21 වැනිදා ද වෙන් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

    ඒ 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ සහ මේ වසරේ පළමු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01හි දී පැවැත්වූ අවස්ථාවේදීය.

    නව වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ ආරම්භ විය.
     
    ජනාධිපතිවරයා විසින් ඉදිරි වසර තුනක කාලය සඳහා වන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි දී ඉදිරිපත් කරන ලදි.

    එම ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදය ජනවාරි 19 සහ 20 දෙදින පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී තීරණය විය.

    එහෙත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයක් විවාදයේ දී අදහස් දැක්වීමට සූදානම්ව සිටින බැවින් 21වන සිකුරාදා දිනය ද විවාදය සඳහා වෙන් කර දෙන මෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.
     
    ඒ අනුව කථානායකවරයා දැනුවත් කර 21 සිකුරාදා දිනය ද මෙකී විවාදය සඳහා ලබා ගන්නා ලෙස මෙහි දී අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් දෙන ලදි.
     
    “තෙල් ටැංකි යළි රටට”යන තේමාවෙන් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම පිළිබඳව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්වෙත මෙහි දී පැහැදිලි කිරීමක් කර ඇත.
     
    .

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img