තවත්
    මුල් පිටුවදේශීය පුවත්අවුරුදු කන්න අඩුවන බඩු මිල මෙන්න

    අවුරුදු කන්න අඩුවන බඩු මිල මෙන්න

    එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව නව මිල ගණන් යටතේ දිවයිනේ සෑම සතොස අලෙවි සැලකින්ම ලබන සඳුදා සිට එම භාණ්ඩ මිලදී ගත හැකිය.

    වෙළෙඳ ආමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද මිල අඩු කෙරෙන භාණ්ඩ පිළිබඳ දැනුම්දීම වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කීය.

    වාණිජ සංස්ථාව නිෂ්පාදනය කරන තේ කොළ ග්‍රෑම් 100ක පවතින මිල රුපියල් 135ක් වුවද ලබන සඳුදා සිට එම තේ කොළ ග්‍රෑම් 100ක් අලෙවි කෙරෙන්නේ රුපියල් 95කට ය.

    දැනට රුපියල් 550ක පමණ මිලකට අලෙවි කෙරෙන සෝයා තෙල් මිලිලීටර 500ක් රුපියල් 310කට ලබා ගත
    හැකිය.

    රුපියල් 350කට අලෙවි කෙරෙන අත් සේදුම්කාරක දියර මිලිලීටර් 100ක බෝතලයක් රුපියල් 250
    දක්වා අඩු කෙරෙන බව අමාත්‍යවරයා පවසයි.

    අත් සේදුම්කාරක දියර මිලලීටර් 50ක් රුපියල් 150 තෙක් අඩු කර තිබේ.

    SLS සහතිකය සහිත මුහුණු ආවරණයක නව මිල වන්නේ රුපියල් 14කි.

    එමෙන්ම අභ්‍යාස පොත්වල දැනට පවතින මිලට වඩා සියයට 20ක් අඩුවෙන් අලෙවි කෙරේ.

    වෙළෙඳපොළෙහි රුපියල් 150ත් 165ත් අතර මිලකට අලෙවි වන දුඹුරු සීනි කිලෝවක් රුපියල් 115කට අලෙවි කිරීමට තීරණය කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img