තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්පී.බී අතහැරි සුක්කානම ගාමිණී අනිද්දා අතට ගනී

    පී.බී අතහැරි සුක්කානම ගාමිණී අනිද්දා අතට ගනී

    ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා පසුගිය බ්‍රහස්පතින්දා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති අතර පුරප්පාඩු වූ එම තනතුරේ ගාමිණී සෙනරත් මහතා අනිද්දා (19) දිනයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත.

    ගාමිණී සෙනරත් මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ඒ මහතා මෙම තනතුරට පත්වීමට පෙර අග්‍රාමාත්‍ය ලේකම් ධුරය හෙබවීය.

    දැනට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත අනුර දිසානායක මහතා ද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. ඒ මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ලබන 20 වැනිදා වැඩ භාර ගැනීමට නියමිතව ඇත.

    අමාත්‍යාංශ ගණනාවක් මෙහෙයවා ඇති අනුර දිසානායක මහතා පරිපාලන සේවයේ පළ පුරුදු නිලධාරියෙකු ලෙස ප්‍රකටය. අධ්‍යාපන, මහවැලි හා පරිසර අමාත්‍යාංශ ඇතුළු අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරයා ලෙස හෙතම කටයුතු කළේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img