තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බත්තරමුල්ලේදී ප්‍රාදේශීය සභා වැඩ පරිපාලකවරියක් අත්අඩංගුවට

    බත්තරමුල්ලේදී ප්‍රාදේශීය සභා වැඩ පරිපාලකවරියක් අත්අඩංගුවට

    රජයේ රැකියා ලබාදෙන බව පවසා මුදල්‌ වංචා කල ප්‍රාදේශීය සභා වැඩ පරිපාලක නිලධාරිනියක් පොලිස් අත්‌අඩංගුවට ගෙන තිබේ.

    2020 වර්ෂයේ සිට මේ දක්වාම රජයේ රැකියා ලබාදෙන බවට පවසා මුදල්‌ චංචාකල මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (13) සවස්‌ කාලයේදී බත්තරමුල්ල ප්‍රදේශයේදී ය.

    ලද පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්‌ විසින්‌ සිදු කල විමර්ශනයකින්‌ ඇය අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකාරිය වයස අවුරුදු 35 ක්‌ වූ දොඩන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

    සැකකාරිය අද දින කොටුව ගරු මහේස්ත්‍රාත්‌ අධිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමට නියමිතයි.

    කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්‌ විසින්‌ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img