තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නැගෙනහිර පර්යන්තයේ දෙවැනි අදියර ඉදිකිරීම් ඇරඹෙයි

    නැගෙනහිර පර්යන්තයේ දෙවැනි අදියර ඉදිකිරීම් ඇරඹෙයි

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ දෙවැනි අදියරේ ඉදිකරීම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ සංඥාවකට අනුව අද (12) පෙරවරුවේ ආරම්භ විය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වාරය හා නාවුක අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ශ්‍රී ලංකාව ලෝකයේ නාවික කේන්ද්‍රයක් ලෙස දියුණු කිරීමට තමන් තැබූ බලාපොරොත්තුව අදටත් වෙනස් වී නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    මෙම ව්‍යාපෘතිය දෙවසරක් තුළ අවසන් කරන බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. ඒ අනුව 2024 ජූලි මාසයේ මීටර් 1320ක් දිගැති මුළු පර්යන්තයේ වැඩ නිමා කිරීමට නියමිතය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img