තවත්
    මුල් පිටුවදේශීය පුවත්මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ ගණන 79 දක්වා ඉහළට

    මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ ගණන 79 දක්වා ඉහළට

    මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ ගණන 79 දක්වා ඉහළ යමින් නව දේශපාලන පක්ෂ 03 ක් මැතිවරණ කොමිසම විසින් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචිකර තිබේ.

    මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරන්නේ තමිල් මක්කල් කූට්ටනි, නව ලංකා නිදහස් පක්ෂය සහ දමිළ ප්‍රගතිශීලි සන්ධානය 2021 වර්ෂය සඳහා නව දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචිකර ඇති බවය.

    තමිල් මක්කල් කූට්ටනි පක්ෂය හිටපු මහ ඇමති සී.වී විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන්ද නව ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන්ද දමිල ප්‍රගතිශීලී සංධානය පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන්ද ක්‍රියාත්මකය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img