Home උණුසුම් පුවත් ණය ගෙවන්න ජනපති චීනයෙන් සහනයක් ඉල්ලයි

ණය ගෙවන්න ජනපති චීනයෙන් සහනයක් ඉල්ලයි

ණය ගෙවන්න ජනපති චීනයෙන් සහනයක් ඉල්ලයි

කොවිඩ් වසංගතය හමුවේ පැනනැගී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් එය මෙරටට විශාල සහනයක් වනු ඇතැයි චීන විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යී මහතා වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම චීනයෙන් සිදු කරන ආනයනවලදී සහනදායී වෙළෙඳ ණය ක්‍රමයක් ලබා ගැනීමට හැකි වෙතොත් බාධාවකින් තොරව කර්මාන්ත පවත්වාගෙන යාමට එය ඉවහල් වනු ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේ දෙපාර්ශ්වය අතර අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේදීය.

කොවිඩ් වසංගතයට මුහුණදීමේ දී චීනයෙන් ලැබුණු ද්‍රව්‍යමය හා මූල්‍ය ආධාර වෙනුවෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් ස්තුතිය විදේශ අමාත්‍යවරයා වෙත පිරිනැමීය.

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සයිනොෆාම් එන්නත් ලබා දෙමින් දැක්වූ සහයෝගය වෙනුවෙන් ද ජනාධිපතිවරයා චීන රජයට තම කෘතවේදීත්වය පළ කළේය.

නව සාමාන්‍යකරණය යටතේ සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කර තිබේ. ජෛව බුබුළක් තුළ රඳවා ගනිමින් චීන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා වැන්ග් යී මහතාගෙන් ඉල්ලා සිටියේය.

චීනයට පැමිණෙන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කළ වැන්ග් යී මහතා එය ඉතා නුදුරු දිනකදීම සිදුවනු ඇතැයි විශ්වාසය පළ කළේය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් චීන විදේශ අමාත්‍යවරයා මෙරට සංචාරයකට පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here