Home උණුසුම් පුවත් මාලදිවයින් මුහුදේ යාත්‍රාවක් පෙරළී ධීවරයෙක් අතුරුදන් – 5ක් මුදාගනී

මාලදිවයින් මුහුදේ යාත්‍රාවක් පෙරළී ධීවරයෙක් අතුරුදන් – 5ක් මුදාගනී

මාලදිවයින් මුහුදේ යාත්‍රාවක් පෙරළී ධීවරයෙක් අතුරුදන් – 5ක් මුදාගනී

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් බහුදින ධීවර යාත්‍රා‍වේ සිටි ධීවරයෙකු අතුරුදන්ව තිබේ.

සෙසු ධීවරයින් පස්දෙනා මුදා ගැනීමෙන් පසු ගාල්ල වරාය වෙත ඊයේ රැගෙන විත් ඇත.

බේරුවල ධීවර වරායෙන් පසුගිය නොවැම්බර් 04 වැනිදා ධීවර කටයුතු සදහා පිටත්ව ගිය අසේල පුතා 2 නමැති බහුදින යාත්‍රාව මෙලෙස අනතුරට ලක්විය.

ඔවුන් යළි ගොඩබිමට නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳ සොයා බලන ලෙස බේරුවල පොලීසිය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නාවික හමුදාවෙන් ඉල්ලා තිබුණි.

ඒ අනුව කළ සොයාබැලීමේ දී මෙම ධීවරයින් සහිත යාත්‍රාව මාලදිවයිනට අයත් මුහුදු තීරයේ දී පෙරලීමට ලක්ව ඇති බවට සොයාගැණුනි.

අතුරුදන් පුද්ගලයා සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මුදාගත් ධීවරයින් ගාල්ල වරාය වෙත රැගෙන ඒමෙන් පසු ප්‍රතිකාර සදහා කරාපිටි රෝහල වෙත යොමුකෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here