තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්දේවස්ථානවලට දුන් විශේෂ ආරක්ෂාව ගැන යුද හමුදාපති කියයි

    දේවස්ථානවලට දුන් විශේෂ ආරක්ෂාව ගැන යුද හමුදාපති කියයි

    මහ සිකුරාදා දිනය යෙදෙන අද සිට කතෝලික හා කිතුණු දේවස්ථානවලට පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදාව යොදා ආරක්ෂාව තර කර ඇතැයි යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    යුධ හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ දේවස්ථානවලට පමණක් නොව සමස්ත ප්‍රදේශයම ආරක්ෂා වන පරිදි සකස් කරන ලද ආරක්ෂක වැඩපිළිවෙළක් මෙලෙස ක්‍රියාත්මක කර ඇති බවයි.

    අද පෙරවරුවේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් යුධ හමුදාපතිවරයා මේ බව පැවසීය.

    “සෑම දේවස්ථානයකට ම ආරක්ෂාව සැපයීම ඉතාමත් අපහසු වෙන්නට පුළුවන්. දේවස්ථානවල විතරක් නෙමෙයි මීට අවුරුදු දෙකකට පෙර පාස්කු ප්‍රහාරය හමුවේ ඇතැම් හෝටල්වලටත් ප්‍රහාර එල්ලවුණා. ඒ හෝටල්වලින් හමුදා ආරක්ෂාව ඉල්ලනවා නමුත් පොදුවේ පොලීසිය විසින් මේ සැබැඳිව ක්‍රියාකරලා තියෙනවා.

    ඊට අමතරව අතිගරු ජනාධිපතිවරයා විසින්, ගරු අග්‍රාමාත්‍යතුමා, ආරක්ෂක කවුන්සිලයේදී මේ පිළිබඳ උපදෙස් දීලා තියෙනවා. මේ අනුව පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදාව විසින් ජනතාවට අවශ්‍ය සුදුසුම ආරක්ෂාව ලබාදීලා තියෙනවා.

    සමහර වෙලාවට එම ස්ථානයේම ආරක්ෂාවට හමුදාවේ හෝ පොලීසියේ අය සිටියේ නැති වුණත් හැකිතාක් දුරට අපි උත්සහ කරනවා ලබාදෙන්න. සෑම ස්ථානයකටම දාන්න බැරි වුණාත් පොදුවේ ප්‍රදේශයේ ආරක්ෂාව සපයන ක්‍රමවේදයක් යටතේ අපි සැලසුම් සකස් කරලා තියෙන්නේ. මේ සතිය පටන් ගද්දිම මේ සැලසුම් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉදිරි දින දෙකෙත් මේ ආකාරයෙන්ම ක්‍රියා කරනවා.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img