තවත්
    මුල් පිටුවදේශීය පුවත්රිදී තිරයේ නොමැකෙන සටන්කරු ජීවන ගමනට සමුදෙයි

    රිදී තිරයේ නොමැකෙන සටන්කරු ජීවන ගමනට සමුදෙයි

    ප්‍රවීන රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත.

    දක්ෂ සටන් නළුවෙක් වන රොබින් ප්‍රනානදු 1965 දී තිරගතවූ චණ්ඩියා චිත්‍රපටයෙන් සිිය වෘත්තීය රංගන ජීවිතයට පිවිසෙන්නේ එහි ප්‍රධාන චාරිතයට පණ පොවමිණි.

    1937 ජූනි 15 උපන් රොබින් ප්‍රනාන්දු මහතා මිය යන විට 84 වන වියේ පසුවිය. මේ වන විට ඔහු චිත්‍රපට 100 කට ආසන්න ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබාදී තිබුුණි.

    රොබින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන්නේ සුරදූතියෝ චිත්‍රපටයයි. සත්‍ය සිදුවීමක පාදකකරගෙනන ඔහු එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අතර අවසාන චිත්‍රපට අධ්‍යක්ෂණය වූයේ Ninja Sri Lanka ය.

    රූපවාහිනී රංගන ශිල්පියෙක් ලෙසද නමක් දිනා සිටි රොබින් ප්‍රනාන්දුගේ පුංචි තිරයේ සිය ප්‍රථම රංගනය ලෙස සැළකෙන්නේ එංගලන්තයේදී රූගත කරන ලද ශ්‍රියානි අමරසේනගේ ඉර බටු තරුව ටෙලිනාට්‍යයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img