තවත්
    මුල් පිටුවCOVIDනව IHU කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින්‌ 12ක් හමුවෙලා

    නව IHU කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින්‌ 12ක් හමුවෙලා

    ලොවම දැඩි ලෙස පැතිර යන Omicron, Covid ප්‍රභේදය සමඟ පොරබදමින් සිටින අතරතුර, ප්‍රංශයේ විද්‍යාඥයින් විසින් සොයාගත් විකෘති 46ක් ඇති නව IHU ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 12 දෙනෙකු ප්‍රංශයෙන් සොයා ගෙන තිබේ .

    IHU ලෙස නම් කර ඇති, නව B.1.640.2 ප්‍රභේදය මේ වන විට ගිනිකොනදිග ප්‍රංශයෙන් සොයාගෙන ඇත.

    පළමු ආසාදිතයා බටහිර අප්‍රිකාවේ කැමරූන් වෙත සංචාර ඉතිහාසයක් ඇති එන්නත් දෙකක් ලබා සිටින පුද්ගලයෙකු බව පර්යේෂකයන් medRxiv හි ප්‍රකාශයට පත් කරන ලද පත්‍රිකාවක පැවසීය.

    කෙසේ වෙතත්, නව ප්‍රභේදයක් සොයාගත් පමණින් IHU ප්‍රභේදය Omicron ඇතුළු අනෙකුත් වික්‍රියා මෙන් බෝවන බව ඔප්පු වනු ඇතැයි එයින් අදහස් නොවන බව පර්‍යේෂකයෝ ප්‍රකාශ කළහ.

    වෙනත් රටවල දක්නට නොලැබුණු “විකෘති 46″ක් විශ්ලේෂකයෝ සොයා ගත් අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පර්‍යේෂණ කරන ප්‍රභේදයක් ලෙස තවමත් නම් කර නැත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img