Home උණුසුම් පුවත් නව වසරේ පාර්ලිමේන්තුවට පළමු පියවර රනිල්ගෙන්

නව වසරේ පාර්ලිමේන්තුවට පළමු පියවර රනිල්ගෙන්

නව වසරේ පාර්ලිමේන්තුවට පළමු පියවර රනිල්ගෙන්

නව වසර ලැබීමෙන් පසුව පළමු වරට පාර්ලිමේන්තුවේ කටයුතු ජනවාරි 18 වැනිදා ආරම්භ කිරීමෙන් පසු කල් තැබීමේ විවාදයක් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබේ.

ඔහු මෙම ඉල්ලීීම කර ඇත්තේ කථානායකවරයාගෙන් සහ සභානායකවරයාගෙනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව අමතා කරන ලද කල් තැබීමේ විවාදයකට එකඟ වන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා මෙම ලිඛිත ඉල්ලීම කර ඇත.

මෙය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක වූ දා සිට පාර්ලිමේන්තුව විසින් අනුගමනය කරන පිළිවෙතක් බවටද ඔහු සිහිපත් කර ඇත.

පාර්ලිමේන්තුව කල් දැමීමෙන් පසු පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව විසුරුවා හැරේ.

එබැවින්, පක්‍ෂ නායකයින්ගේ අදහස් විමසා මෙම කල් තැබීමේ විවාදය සඳහා 2022 ජනවාරි 19, 20 සහ අවශ්‍ය නම් 21 යන දිනයන් වෙන් කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here