තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පිය පදවිය නිසා රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

    පිය පදවිය නිසා රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

    ජාතික කණ්ඩායම නියෝජනය කරන භානුක රාජපක්ෂ වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

    පෞද්ගලික හේතූන් මත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉල්ලා අස්වන බව භානුක දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    “මම ක්‍රීඩකයෙකු වගේම ස්වාමිපුරුෂයකු ලෙසින් මෙම තීරණය ගනු ලැබුවා. මම මේ තීරණය ගනු ලැබුවේ පිය පදවියත් එක්කම වූ ඒ ආශ්‍රිත පවුලේ වගකීමේ අපේක්ෂාවෙන්” යැයි සිය ඉල්ලා අස්වීමේ ලිපියෙ භානුක සඳහන් කර තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේවායි යැයි තමන් ප්‍රාර්ථනා කරන බවද එිම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    භානුක රාජපක්ෂ එක්දින තරග 5 ක් සහ විස්සයි-20 තරග 18 කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිළිවෙළින් ලකුණු 89 සහ 320 බැගින් රැස් කර ගැනීමට සමත්ව සිටියි.

    අවසන් වුණු එල්.පී.එල්. තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් පිල අනුශූරතාවය කරා රැගෙන යෑමටද භානුක රාජපක්ෂගේ නායකත්වය සමත්විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img