තවත්
    මුල් පිටුවCOVIDබූස්ටර් ගත් අයට ඔමික්‍රෝන් හැදුණත් අසාධ්‍ය වීම 81%කින් අඩුයි

    බූස්ටර් ගත් අයට ඔමික්‍රෝන් හැදුණත් අසාධ්‍ය වීම 81%කින් අඩුයි

    එන්නත් නොකළ Omicron රෝගීන් හා සසඳන විට, කොවිඩ් බූස්ටර් මාත්‍රාවෙන් පසු Omicron ආසාදනය වූ රෝගීන් රෝහල්ගත වීමේ අවදානම 81% කින් අඩු වන බවට සොයාගෙන ඇතැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප‍්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

    Omicron පිළිබඳ එක්සත් රාජධානියේ අධ්‍යයන ප්‍රතිඵල උපුටා දක්වමින් හෙතෙම මේ බව කීය.

    එමෙන්ම කිසිදු එන්නතක් ලබා නොගත් අය හා සසඳන විට, එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් Omicron රෝගීන් රෝහලකට ඇතුළත් වීමේ අවදානම 65% කින් අඩු බවද ඔහු පෙන්වා දෙයි.

    Omicron ආසාදිතයින්‌ හදිසි ප්‍රතිකාර අංශ වෙත රෝහල් ගත වීමේ අවදානම ඩෙල්ටා ආසාදිතයින්‌ හා සසඳන විට දළ වශයෙන් තුනෙන් එකක් පමණ වන බවටද සොයාගෙන ඇත.

    COVID මර්දන එන්නත් නොකළ හෝ වෛරසයට පූර්ව ආවරණයක් නොමැති අය අතර ඔමික්‍රෝන් වඩාත් ප්‍රචලිත වනු ඇති බව පෙනේ.

    සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව COVID- 19 ආවේණික රෝගයක් බවට පත්වීමේ පූර්ව සලකුණ විය හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img