Home දේශීය පුවත් ඩී.අයි.ජී.ලාගේ වැඩ ආවරණය කරන්න එස්.එස්.පී.ල දෙන්නෙක් පත්කෙරේ

ඩී.අයි.ජී.ලාගේ වැඩ ආවරණය කරන්න එස්.එස්.පී.ල දෙන්නෙක් පත්කෙරේ

0
ඩී.අයි.ජී.ලාගේ වැඩ ආවරණය කරන්න එස්.එස්.පී.ල  දෙන්නෙක් පත්කෙරේ

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක් නියෝජ්‍ය පොලිස්පතිධුරවල වැඩ ආවරණය කිරීම සඳහා පත්කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් මහතා විසින් පොලිස්පතිවරයාට අනුමැතිය ලබාදී තිබේ.

රථවාහන පාලන හා මර්ග ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.ඒ.ඒ.ආර්. ප්‍රේමරත්න යන මහත්වරු එසේ නියෝජ්‍ය පොලිස්පතිධුරවල වැඩ ආවරණයට පත්කර ඇත.

ඒ අනුව ඉන්දික හපුගොඩ මහතාට පැවරී ඇත්තේ රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂක දිසාවේත් එම්.ඒ.ඒ. ආර්. ප්‍රේමරත්න මහතාට පැවරී ඇත්තේ බස්නාහිර පළාත් අපරාධ දිසාවේත් නියෝජ්‍ය පොලිස්පතිධුරවල වැඩ ආවරණය කිරීමේ වගකීම්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here