තවත්
    මුල් පිටුවදේශීය පුවත්රට වටා දියේ ගිලුණු නැව් 101ක් බලන්න

    රට වටා දියේ ගිලුණු නැව් 101ක් බලන්න

    මධ්‍යම සංස්කෘතික අරමුදල සිය නවතව ව්‍යාපෘතිය ලෙස දිවයින වටා ගිලී තිබෙන පුරාවිද්‍යා ස්ථාන 107ක් පිළිබඳ තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ අන්තර් ජාලයට එක් කිරීමට පියවර ගෙන ඇත.

    ඒ අනුව දියේ ගිලුණු පුරාවිද්‍යා ස්ථාන යටතේ නෞකා 101ක් සහ ගුවන් යානා 6ක් පිළිබඳ තොරතුරු මෙසේ ජාලගත කර ඇති අතර එම සිදුවීම්වල අදාළ ඉතිහාසය ද යාවත්කාලීන කර තිබේ.

    විෂය භාර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්තට ඊයේ දින අරලියගහ මන්දිරයේ දී මුල පුරා ඇත.

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කළ කැපවීමක ප්‍රතිඵල ලෙස මෙම කාර්යය එළිදක්වා තිබේ.

    ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරයකයන්ට මෙන්ම දේශීය සංචාරකයන්ට දියේ ගිලුණු මෙම පුරාවිද්‍යා ස්ථාන දැක බලා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

    මෙම ස්ථාන නිතැතින්ම විදේශිකයන්ගේ ආකර්ශනයට ලක්වනු ඇතැයි ද රටේ අනාගත ආයෝජනයක් වනු ඇතැයි ද මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා NewsWave.lk වෙබ් අඩවිය කළ විමසීමේ දී විශ්වාසය පළ කළේය.

    ඊට අදාළ තොරතුරු https://nsd.ccf.gov.lk/ වෙබ් ලිපිනයෙන් ඔබට දැක බලා ගත හැකිය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img