Home උණුසුම් පුවත් බුද්ධංගල ආනන්ද නාහිමියෝ අපවත් වෙති

බුද්ධංගල ආනන්ද නාහිමියෝ අපවත් වෙති

0
බුද්ධංගල ආනන්ද නාහිමියෝ අපවත් වෙති

අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ බුද්ධංගල ආනන්ද හිමි අද උදෑසන අපවත්වූහ.

හැත්තෑ අටවන වියේ පසුවූ උන්වහන්සේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ සහෝදරයාය.

පැවදි දිවියට පිවිසීමට පෙර උන්වහන්සේ යුද්ධ හමුදාවේ මේජර් ජනරාල්වරයෙක් ලෙස සේවයේ නිරතව සිටි කීර්තිමත් සෙන්පති ආනන්ද වීරසේකර නම් විය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්ද වන උන් වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here