තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සී.අයි.ඩී.යේ පරිගණක අපරාධ අංශයේ ලොක්කාට ස්ථාන මාරුවක්

    සී.අයි.ඩී.යේ පරිගණක අපරාධ අංශයේ ලොක්කාට ස්ථාන මාරුවක්

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඩී.ජී.එල්.ඒ.ධර්මසේන මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් මූලස්ථාන තොරතුරු තාක්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙස මාරුකර යවා ඇත.

    සේවා අවශ්‍යතා මත යැයි සඳහන් කරමින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්ව මහතාගේ අත්සනින් නිකුත්කර ඇත්තේ ඊයේ (27) ය.

    මෙතෙක් තොරතුරු තාක්ෂණ කොට්ඨාශයේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටි සහකාර පොලිස් අධිකාරී එච්.ඒ. දමයන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මාරුකර යවා ඇති අතර මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂධූරයට කිසිදු නිලධාරියෙක් පත්කර නැත.

    ධර්මසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂධූරයට පත්වීමට පෙර සේවයේ නිරතව සිටියේ පොලිස් මූලස්ථාන තොරතුරු තාක්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙසය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img