තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටවිරුවන් හොර පාරෙන් ඩොලර් එවා මාස තුනට කෝටි 100ක් අහිමි වෙලා

    රටවිරුවන් හොර පාරෙන් ඩොලර් එවා මාස තුනට කෝටි 100ක් අහිමි වෙලා

    විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරට විදේශ මුදල් එවීම ප්‍රතික්ෂේප කිරීම හෝ නීතිවිරෝධී මාර්ගවලින් එවීමට පෙළඹීම නිසා මාස තුනක පමණ කාලයක් ඇතුළත රුපියල් කෝටි 100ක පමණ විදේශ මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අහිමි වී ඇතැයි මහ බැංකු ආරංචි මාර්ග කියයි.

    මේ වසරේ සැප්තැම්බර් ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස තුන ඇතුළත ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ විනිමය ප්‍රමාණය රුපියල් කෝටි 100 කින් පමණ අඩු වී ඇතැයි ද වෙනත් මාසවල ඊට වඩා වැඩි ප්‍රමාණයක් විදේශ මුදල් ලැබී තිබූ බවද මහ බැංකු ආරංචි මාර්ග කියයි.

    ශ්‍රී ලංකාවට බැංකු හරහා හෝ විදේශ විනිමය හුවමාරු ආයතන හරහා මුදල් ලැබෙන විට ඩොලරයකට රුපියල් 210 ක පමණ මුදලක් ලැබුණත් නීති විරෝධී මාර්ගවලින් හෙවත් උණ්ඩියල් ක්‍රමයට මුදල් එවීමේදී ඩොලරයට රුපියල් 240ක් හෝ 250ක් වැනි ඉහල මුදලක් ලැබෙන බවද වෙළෙඳපොළ ආරංචිමාර්ග කියයි.

    එමනිසා විදේශ ගත ශ්‍රී ලාංකිකයින් උණ්ඩියල් ක්‍රමයට මුදල් එවීමට පෙළඹීම හෝ ඩොලරයට ලැබෙන රුපියල් ප්‍රමාණය අඩුවීම නිසා තාවකාලිකව ශ්‍රී ලංකාවට මුදල් එවීම නතර කිරීම නිසා හෝ මෙරට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩු වී රටේ ඩොලර් ප්‍රශ්නය තවත් උග්‍ර අතට හැරී ඇතැයි ද ඇතැයිද වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img