Home special මහ සයුර කැළඹී ජීවිත රැසක් බිලිගත් සුනාමියට අදට වසර 17යි

මහ සයුර කැළඹී ජීවිත රැසක් බිලිගත් සුනාමියට අදට වසර 17යි

මහ සයුර කැළඹී ජීවිත රැසක් බිලිගත් සුනාමියට අදට වසර 17යි

මෙරට ජනතාව 31229ක් වන බිලිගනිමින් 4100ක් අතුරුදන් කළ මහ සයුර කැළඹූ සුනාමි ව්‍යසනය සිදුවී අදට 17 වසරක් ගෙවී ගොස් තිබේ.

2004 දෙසැම්බර් 26 වැනිදා සිදුවූ සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ මියගිය අය අනුස්මරණය සඳහා දෙසැම්බර් 26 ජාතික සුරක්ෂිත දිනය ලෙසින් නම් කර ඇත.

අද දින ඔවුන් අනුස්මරණය කිරීමේ ප්‍රධාන උත්සවය පෙරවරු 8.30 සිට 10.30 දක්වා හික්කඩුවේ පැරෑලියේ සුනාමි ස්මාරකය අසලදී පැවැත්වේ.

ලොව පුරා රටවල් ගණනාවකට බලපෑ මෙම සුනාමියෙන් මෙරට මිනිසුන් 516150ක් එහිදී අවතැන් විය.

දිස්ත්‍රික්ක 14ක් සුනාමියට ගොදුරු වූ අතර කෝටි ගණනක් වටිනා පොදු දේපළද නිවාස 250000ක්ද රටට අහිමි වූයේ පැයක් වඩා අඩු කාලයකදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here