තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිනිස් ජාවාරම්කරුවෝ රැසක් පසුපස බුද්ධි නිලධාරීන් පන්නයි

    මිනිස් ජාවාරම්කරුවෝ රැසක් පසුපස බුද්ධි නිලධාරීන් පන්නයි

    තවමත් මිනිස් ජාවාරම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇති බවත් ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

    මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ඉදිරි වසර තුළ ක්‍රියාකාරී පියවර රැසක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය පෙන්වා දෙයි.

    එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ මිනිස් ජාවාරම් සිදුවීම පිළිබඳව කඩිනමින් දැනුවත් කිරීම සඳහා මහජනතාවගේ සහ සියලු ආයතනවල සහාය අපේක්ෂා කරන බවයි.

    විමර්ශන බලධාරීන් සහ බුද්ධි අංශ සමඟ සෘජු සම්බන්ධීකරණයෙන් වඩාත් ශක්තිමත් ආයතනික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා පසුගිය ජුලි මාසයේ දී මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බළකාය පිහිටුවනු ලැබී ය.

    එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුකූලව, විශේෂයෙන්ම කාන්තාවන් සහ ළමුන් ජාවාරම් කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පනත සහ ආගමන විගමන පනත සංශෝදනය කිරීමට ද පියවර ගෙන තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img