Home දේශීය පුවත් ගොවිපොළක ගින්නකින් කුකුළන් 3000 ක් මිය ගිහින්

ගොවිපොළක ගින්නකින් කුකුළන් 3000 ක් මිය ගිහින්

0
ගොවිපොළක ගින්නකින් කුකුළන් 3000 ක් මිය ගිහින්

පන්නල කුකුළු ගොවිපළක අද හටගත් ගින්නකින් කුකුළන් 3000ක් පමණ මියගොස් ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට සැකයක් මතුවී තිබේ.

දිවුලපිටිය, වරාගල ප්‍රදේශයේ පෞද්ගලික කුකුළු ගොවිපොළක්ද ඉකුත් 11 වෙනිදා ගිනි ගෙන එහි සිටි කුකුළන් 10,000 ක් පමණ මිය ගියේය.

මෙම ගින්න හටගෙන ඇත්තේ අළුයම 3.20 ට පමණය. මෙම ගොවිපොළේ කුකුළු පැටවුන් 35,000 ක් පමණ සිටින අතර ශාලා 07 ක එම පැටවුන් රදවා තිබෙන බව පොලීසිය සදහන් කරයි. ගින්න හටගෙන ඇත්තේ එක් ශාලාවකය.

කුකුළු පැටවුන් උණුසුම් කිරීමට කිලෝ 37.5 ක් වූ ගෑස් සිලින්ඩර් තුනක් සවිකර තිබී ඇති අතර ඒ එක් සිළින්ඩරයක වූ කාන්දුවක් මෙම ගින්නට හේතුවන්නට ඇති බව විශ්වාස කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here