fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඝාතනය කළ ප්‍රියන්ත වෙනුවට සියල්කොට් කම්හල ශ්‍රී ලාංකිකයකුම බඳවාගෙන

    ඝාතනය කළ ප්‍රියන්ත වෙනුවට සියල්කොට් කම්හල ශ්‍රී ලාංකිකයකුම බඳවාගෙන

    පාකිස්ථානයේ සියල්කොට්හි කම්හලකදී සේවක හා සෙසු පිරිසක් අතින් අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ සාමාන්‍යාධිකාරි ප්‍රියන්ත දියවඩනගේ වෙනුවට එම කම්හල විසින් වෙනත් ශ්‍රී ලාංකිකයෙකු බඳවා ගෙන ඇත.

    සියල්කොට් සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා සුප්‍රසිද්ධ ඉස්ලාමීය දේශක මවුලානා තරික් ජමිල් සමඟ බදාදා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණි අවස්ථාවේදී ආගමික සහජීවනය පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත හෆීස් මොහොමඩ් තහීර් අෂ්රෆි මේ බව අනාවරණය කර ඇත.

    රැඩිකල් ඉස්ලාමීය පක්ෂයක් වන Tehreek-e-Labbaik Pakistan (TLP) ආධාරකරුවන් විසින් කම්හලේ සාමාන්‍යාධිකාරී, 49 හැවිරිදි ලාංකිකයකු වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මෙම මස මුලදී සියල්කොට්හි දී කුරානයේ වැකියක් ඇති පෝස්ටරයක් ඉරාදැමූ බැවින් දේව අපහාස චෝදනා මත ඔහුට පහර දී ඝාතනය කර පුළුස්සන ලදී.

    ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහාන් විජේවික්‍රම හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අෂ්රෆි කියා සිටියේ කුමාරගේ දරුවන්ගේ අධ්‍යාපන වියදම් කර්මාන්තශාලා හිමිකරු විසින් දරනු ඇති බවයි.

    ‘කම්හලේ පරිපාලන අංශයේ ශ්‍රී ලාංකික පුරවැසියෙකුට කර්මාන්ත ශාලාවේ රැකියාවක් ද ලබා දී තිබෙනවා. මේ භීතිය සහිත වාතාවරණය තුළ ඔවුන්ගෙන් එක් අයෙකු මෙහි සේවය කිරීමට තෝරා ගැනීම ගැන අපි ශ්‍රී ලාංකිකයින්ට ස්තූතිවන්ත වෙමු.’ යැයි ද ඔහු කීය.

    කෙසේ වෙතත්, ඔහු ක්‍රීඩා භාණ්ඩ සඳහා ප්‍රසිද්ධ සියල්කොට් හි කර්මාන්ත ශාලාවේ නව කළමනාකරු පිළිබඳ නම හෝ වෙනත් තොරතුරු ලබා දී නැත.

    මවුලානා තරික් ජමිල් විසින් කුමාර ඝාතනය හැඳින්වූයේ මුළු රටම ලැජ්ජාවට පත් කළ “කෲර ක්‍රියාවක්” ලෙසය.

    “මම මහකොමසාරිස්ට කිව්වා අපි සමාවෙන්න කියන්න ආවා කියලා,” පූජකවරයා පැවසීය.

    මෙම අවස්ථාවට අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා, පැමිණ සිටි පූජකවරුන් දෙදෙනාටම ස්තුතිය පුද කළේය.

    කුමාරගේ ඝාතනය පාකිස්තානයේ ආගමික කවයන් තුළ පුළුල් ලෙස හෙළා දැක තිබේ.

    සියලුම පූජකවරු පාහේ දෙසැම්බර් 7 වන දින ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණ ඝාතනය ඒකමතිකව හෙළාදැක තිබූ අතර එය ‘ඉස්ලාම් විරෝධී’ බව ද ප්‍රකාශ කළහ.

    දෙසැම්බර් 13 වන විට පකිස්තාන පොලිසිය කියා සිටියේ කුමාරගේ සියල්කොට් ඝාතනයට සම්බන්ධ යැයි කියනු ලබන තවත් සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඉහත කී අත්අඩංගුවට ගැනීම් සමඟ රඳවාගෙන සිටින මුළු සංඛ්‍යාව 52 කට ආසන්න වී ඇති බව සියල්කොට් පොලිස් ප්‍රකාශක කුරාම් ෂෙසාඩ් ඩෝන් වෙත පැවසීය. ‘ප්‍රධාන සැකකරුවන් 34 දෙනෙක් දැනටමත් පොලිසියේ රිමාන්ඩ් භාරයේ ඉන්නවා. තවත් 100ක් පරීක්‍ෂණ පවත්වමින් සිටිනවා.’ ෂෙසාඩ් දන්වා සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.