තවත්
    මුල් පිටුවspecialබෑණා නිසා දරුවා මරාගත් මුලතිව් පවුලම අත්අඩංගුවට

    බෑණා නිසා දරුවා මරාගත් මුලතිව් පවුලම අත්අඩංගුවට

    සිය මස්සිනා අතින් ගැබිණියක් වූ මුලතිව් පුදුකුඩිඉරිප්පු මූංකිලාරු හීදී දොළොස් හැවරදි දැරියක් ගබ්සා කිරීකදී මරණයට පත්වීමක් සම්බන්ධ වූ එම දැරිවියගේ මව, පියා සහ සහෝදරිය අත්අඩංගුවට ගත් බව මුලතිව් කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලුම් තිලකරත්න මහතා සඳහන් කළේය.

    දින කිහිපයකට පෙර පොලීසිය මස්සිනාවද සැකපිට අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. 44 හැවරදි මස්සිනා විවහා වී සිටින්නේ මරණයට ලක්වූ දැරියගේ සහෝදරිය සමඟිනි. බස් රථ කොන්දොස්තරවරයෙක් වන එම මස්සිනා අතින් දැරිය දූෂණය වී ගැබිණියක් වූ පසු එය නිවැසියන්ට අනාවරණය වීමෙන් පසු ගබ්සාවක් කිරීමට යෝජනාකර ඇත්තේ කොන්දොස්තරවරයෙක් වූ මස්සිනා බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    දැරියව ගබ්සා කිරීමේදී ඇයට වේදනාව නොමැති වීමට වේදනා නාශක ඹෟෂධයක් මස්සිනා විසින් රැගෙන විත් ඉකුත් 15 වෙනිදා ඇයව නිවසක් තුළදී ගබ්සාකරමින් කළලය ඉවත්කර ඇත්තේද කොන්දොස්තර මස්සිනා බව හෙළිවී ඇත. ගබ්සාව සිදුකිරීමට පෙර දැරිවියගේ දෙමාපියන් 15 වෙනිදා දහවල් පුදුකුඩිඉරිප්පු පොලීසියට ගොස් සිය දියණිය අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක්ද කර තිබේ.

    මෙසේ පොලීසියට දැරිවිය අතුරුදන්වී ඇතැයි පැමිණිල්ලක් කර ඇත්තේ ගබ්සාවදී ඇයට යම් අනතුරක් වූ විට එයින් බේරීමට කල්තියා සැළසුම්කරමිනි. මෙම අදහස ඔවුන්ට පහළ වී ඇත්තේ දෙමළ චිත්‍රපට නැරඹිමෙන් එම චිත්‍රපටවල ඇති ඇතැම් දර්ශන වලින් බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

    ගබ්සාව සිදුව ඇත්තේ එදින රාත්‍රී කාලයේදීය. එහිදී අධික රුධිරවහනය වීමෙන් ඇය පැය ගානක් වේදනාවෙන් සිට මිය ගොස් ඇති අතර පසුව මළ සිරුර ලිදකට දමා ඇතැයි විමර්ශනවලින් හෙළිවී තිබේ.

    යෝගරාමා නිදර්සනා නැමැති මෙම දැරිවියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදුවන අතර එම අතුරුදන්වීමට තමන් කෙරෙහි සැකයක් ඇති නොවන බව වටහා ගැනීමෙන් අනතුරුව 17 වෙනිදා මළ සිරුර ලිදෙන් ගොඩගෙන කැළෑබද ප්‍රදේශයකට දමා ඇති බවත් පොලීසිය කියයි. 18 එම මළ සිරුර දුටු ගම්වැසියෙන් ඒ ගැන පොලීසියට කළ දැනුම්දීමකට අනුව පොලීසිය එහි ගොස් විමර්ශන ආරම්භකර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සදහා යොමුකර ඇත. ඇය ගබ්සාවකට ලක්ව ඇතැයි හෙළිවන්නේ එවිටය.

    මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකපිට කොන්දොස්තර මස්සනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශනයේදී සමස්ත සිදුවීම හෙළිවී ඇත. පුදුකුඩිඉරිප්පු පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img