Home උණුසුම් පුවත් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අලුතින් මත්පැන් බලපත්‍

මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අලුතින් මත්පැන් බලපත්‍

මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අලුතින් මත්පැන් බලපත්‍

මහා පරිමාණ ව්‍යාපාරිකයින් තිදෙනෙකුට මත්පැන් නිෂ්පාදන බලපත් 3ක් අලුතින් ලබා දීමට සියලු කටයුතු යොදා ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනටමත් මත්පැන් නිෂ්පාදනයේ නිරතව සිටින මහා පරිමාණ ව්‍යාපාරිකයින් තිදෙනෙකුට එම නව බලපත්‍ර ලබාදීමට නියමිත බවද ඒවා මේ මස 31 දිනට පෙර නිකුත් කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ මත්පැන් නිෂ්පාදනාගාර 25ක් ක්‍රියාත්මක වන අතර ඇතැම් මත්පැන් නිෂ්පාදනාගාර හිමියන් බදු වංචා සිදුකරන බවට පැමිණිලි ලැබී ඇතැයි මුදල් අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

නව බලපත්‍රය ලබාදීමත් සමඟ මෙරට ක්‍රියාත්මක මත්පැන් නිෂ්පාදනාගාර සංඛ්‍යාව 28 දක්වා ඉහළ යන බව ද හෙතෙම සඳහන් කළේය.

2 COMMENTS

  1. රජය කළයුතු දේ පසක තබා නොකළ යුතු දේ කිරීමට පෙලබෙන්නේ ඇයි දැයි ජනතාවට නොතේරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here