තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලංකන් කෙයාර්ස් මහරගම CCC Home සමඟ නත්තල් සතුට බෙදාගනියි

    ශ්‍රීලංකන් කෙයාර්ස් මහරගම CCC Home සමඟ නත්තල් සතුට බෙදාගනියි

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස්, නත්තල් සමයේ සතුට හා පරිත්‍යාගශීලීත්වය පතුරවමින් මහරගම CCC Home වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු ඇසුරුම් 540 ක් පසුගියදා පරිත්‍යාග කළේය.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්යමණ්ඩලයේ දායකත්වයෙන් ලබාදුන් මෙම ඇසුරුම් තුළ කිරිපිටි, සමපෝෂ, බිස්කට්, ළදරු ක්‍රීම්, ළදරු සබන්, දත් බුරුසු, දන්තාලේප වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් විය.

    CCC Home යනු පිළිකා රෝගීන් සහ ඔවුන්ගේ භාරකරුවන් සඳහා පහසුකම් සලසන වාසස්ථානයක් වන අතර ඉතා දුරබැහැර ප්‍රදේශවල සිට මහරගම පිළිකා රෝහල වෙත පැමිණෙන අයවලුන් සඳහා ඉතා සුවපහසු සේවාවක් ලබාදෙන ස්ථානයකි. එය මහරගම අපේක්ෂා රෝහල ආයතන පරිශ්‍රය තුළ පිහිටා තිබේ.

    ශ්‍රීලංකන් කෙයාර්ස් යනු ශ්‍රී ලංකාව පුරා සිටින අසරණ දරුවන්ට උපකාර කිරීම සඳහා කැපවී සිටින ආයතනයක් වන අතර ජාතික ගුවන් සේවයේ බොහෝ සමාජ සත්කාරක වැඩසටහන් වල මූලිකත්වය ගෙන ක්‍රියා කරයි. දරුවන්ගේ සෞඛ්‍ය හා අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති, ශිෂ්‍යත්ව, සම්මන්ත්‍රණ සහ වැඩමුළු රැසකට ද ශ්‍රීලංකන් කෙයාර්ස් සම්බන්ධ වී සිටියි.

    COVID 19 වසංගතය පැතිර ගිය දා සිට, ශ්‍රීලංකන් කෙයාර්ස් අංශය විසින් රෝහල් වෙත අත්‍යාවශ්‍ය වෛද්‍ය ආධාර පරිත්‍යාග කිරීමට මුල පිරීම් කිහිපයක්ම සිදු කර තිබේ. රිජ්වේ ආර්යා රෝහලේ ළමා හෘද රෝග ඒකකයට infusions pumps , කොළඹ ජාතික රෝහලට BI-level ventilators සහ නැගෙනහිර කොළඹ රෝහලට ඔක්සිජන් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම ඊට ඇතුළත් වේ.

    ඡායාරූප
    ශ්‍රීලංකන් කෙයාර්ස් කණ්ඩායම මහරගම CCC Home හි කළමනාකාරිනිය වෙත භාණ්ඩ තොගය පරිත්‍යාග කළ අවස්ථාව.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img