Home දේශීය පුවත් මේ අවුරුද්දේ වැඩිම සංචාරකයින් පිරිසක් පැ මිණ ඇත්තේ දෙසැම්බරයේදී

මේ අවුරුද්දේ වැඩිම සංචාරකයින් පිරිසක් පැ මිණ ඇත්තේ දෙසැම්බරයේදී

0
මේ අවුරුද්දේ වැඩිම සංචාරකයින් පිරිසක් පැ මිණ ඇත්තේ දෙසැම්බරයේදී

මෙම වසරේ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් පිරිස දෙසැම්බර් මාසයේ මේ වන විට පැමිණ තිබේ.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන ආකාරයට අනුව මෙම මාසයේ 20 වෙනිදා වන විට මෙම මාසය තුළ පමණක් දැනට පැමිණ ඇති සංචාරකයින්ගේ ගණන 47,120 දෙනෙකි.

මෙම වසරේ මෙයට පෙර වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ නොවැම්බර් මාසයේදීය. එම මාසයේ මෙරටට පැමිණි සංචාරකයින්ගේ ගණන 44,294 දෙනෙකි.

ඒ අනුව මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් ගණන 152,109 දෙනෙකි.

කොවිඩ් වංගත තත්ත්වය හමුවේ කඩා වැටුණු සංචාරක කර්මාන්තය ගොඩ නැගීම සඳහා ලබන වසරේ අපේක්ෂිත ඉලක්කය වී ඇත්තේ දිනකට සංචාරකයින් 5000කගේ පැමිණිමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here