තවත්
    මුල් පිටුවCOVID10 වැනි කොවිඩ් එන්නතටත් WHO අනුමැතිය

    10 වැනි කොවිඩ් එන්නතටත් WHO අනුමැතිය

    කොවිඩ් මර්දන එන්නතක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Nuvaxovid හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදී තිබේ.

    නව එන්නත Novavax සහ Coalition for Epidemic Preparedness Innovations (CEPI) විසින් වැඩි දියුණු කරන ලදී.

    දෙසැම්බර් 17 වන දින WHO හදිසි භාවිතය සඳහා අනුමැතිය දුන් Covovax එන්නත ද යන මේ එන්නත් දෙකම එකම තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරේ.

    ඒවාට මාත්‍රා දෙකක් අවශ්‍ය වන අතර සෙල්සියස් අංශක 2 සිට 8 දක්වා ශීත කළ උෂ්ණත්වවලදී ස්ථායී වේ.

    දෙසැම්බර් 17 වන දින WHO විසින් ඇමරිකානු සමාගමක් වන Novavax හි බලපත්‍රය යටතේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන Covovax ඖෂධයේ හදිසි භාවිතය අනුමත කරන ලදී.

    Covovax සහ Nuvaxovid යනු අංශක 2 ත් 8 ත් අතර උෂ්ණත්වවලදී ගබඩා කළ යුතු ද්වි සංරචක ඖෂධ බව සටහන් වේ.

    ප්‍රතිශක්තිකරණය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපාය මාර්ගික උපදේශක කණ්ඩායම Nuvaxovid සහ Covovax සඳහා ප්‍රතිපත්ති නිර්දේශ නිකුත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img