Home උණුසුම් පුවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් ජනපතිට පොතක්

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් ජනපතිට පොතක්

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් ජනපතිට පොතක්

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජීනිවා පරාජයේ දෝංකාරය” කෘතිය අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්විණ.

ජීනිවා නුවර කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බලපෑම් කිරීමට විවිධ ජාත්‍යන්තර සංවිධාන ගන්නා ලද උත්සාහයන් පිළිබඳ මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති අධ්‍යයනයෙන් සහ ජාතික ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ ක්‍රියාවලියේදී ලද අත්දැකීම් පාදක කර ගනිමින් ආනන්ද හිමියන් විසින් රචිත මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.

හිටපු අමාත්‍යවරයෙකු වූ ගුණපාල තිස්සකුට්ටිආරච්චි මහතා විසින් රචිත “දේශපාලනයේ සැඟවුණු කතා” ග්‍රන්ථය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ.

කොළඹ හැව්ලොක් ටවුන් සාම විහාරාධිපති පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමියෝ ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here